Posts

Showing posts from March, 2022

1st

මෙතෙක් වෙලා තමන්ගේ  ආඩම්බර පිල් විදහගත්ත මොනරෙක් තටු අකුලාගෙන අධිවේගයේ ගැල්වනයිස් කරපු වැටේ  එහා පැත්තේ ඉදන් මෙහා පැත්තට පියාබුවේ එකපාරටම.  කොහේදෝ ඉදල ආපු රේන්ජ් රෝවර් එකක් මොනරාගේ තටුවල ගැවී නොගැවී අධි වේගෙන්  කොලබ පැත්තට පියබුවා. "හිච්චි පුතේ විගහට ඔය මල් ටික කඩල ගනින්'"  සුමනාවතී නැන්දා පොඩි එකාට කිව්වේ පන්සලට ගෙනියන්න ලේස්ති කරපු මල්ලට බාගෙට කඩපු හදුන්කුරු පැකට් එකෙන් එකක් දාන ගමන්. "6 පුජාව පහුවේවි, ඉක්මන් කරහල්ලකෝ බන්, ඉස්සරනම් සුරුස් ගාල විනාඩි 5න් පන්සලට යන්න තිබුනා.  කොහෙද මේ අධිවෙගයක් හදල දැන් පලයන්කෝ රවුමක් " සුමනාවතී නැන්දා ආයේ පාරක් පොඩි එකාට කෑ ගැහුවා. ඉලහමන්දුව ගම මැද්දෙන් අධිවේගය හදන්න පටන් ගත්තේ දැන් අවුරුදු 3කට විතර කලින්. ඒ දවස්වල ගමේ මිනිස්සු ඕකට විරුද්ද උනේ ගම 2ට බෙදෙනවා කියල. ලොකුවටම විරුද්ද උනේ ඉහල පන්සලේ ලොකු